04th June 2022 12:32:29 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව අද (02) දින පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය.
මෙම හමුව අතරතුරදී, අතිගරු ජනාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සුබපැතුම් එක්කිරීමෙන් අනතුරුව සුහද අදහස් හුවමාරුවක නිරත විය.
මෙම සුහද හමුව සමාප්තියේ, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම හමුවීම සංකේතවත් කරමින් අතිගරු ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.