02nd June 2022 21:52:04 Hours
නව ධූරයේ රාජකාරි භාරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ බ්‍රහස්පතින්දා (2) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හමුවිය.
මෙම සුහද හමුවේදී, ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) විසින් නව ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව සුහද පිළිසඳරක නිරත විය.
මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.