Header

Sri Lanka Army

Defender of the Nation

01st June 2022 16:25:06 Hours

11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගර්භනී කාන්තාවන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් අම්පාර දමන ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිණි කාන්තාවන් 50 දෙනෙකුට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (24) දින ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා පරිත්‍යාගශීලි කාන්තාවක් විසින් අනුග්‍රහකත්වය දක්වන ලදී.

දමන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවති මෙම උත්සවය සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, උද්‍යානි මුණසිංහ මහත්මිය සහ ඇයගේ ඥාතීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම ව්‍යාපෘතිය යටතේ පරිත්‍යාග සිදුකිරිම සඳහා අවශ්‍යතා සහිත ගර්භනී කාන්තාවන් තෝරාගැනීම සඳහා අදාළ ප්‍රදේශවල ග්‍රාම නිලධාරින්ගේ සහයෝගය ද හිමිවූහ.

මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන්, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ජී.එන්.ඩී. වීරසිංහ, 241 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි මේජර් කේ.එස්. හරිසේන ඇතුලු සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.