30th May 2022 17:50:54 Hours
යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක ඉකුත් සඳුදා (30) දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් අජිත් දිසානායක සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහි වූ මෙම කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.
මෙහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසා බැලූ යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ පවුලේ සාමාජිකයින් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.
මෙම සුහද හමුව අතරතුරදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් අජිත් දිසානායක ගේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ විමසා බලන ලදී.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් අජිත් දිසානායක සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.
මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් අජිත් දිසානායක වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.