30th May 2022 17:53:48 Hours
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති සහ යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක පීරිස් සඳුදා (30) දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් අශෝක පීරිස් සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.
අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ කරුණු විමසමින් ඒ වෙනුවෙන් සුබපැතුම් එක්කරන ලදී. පසුව, එම අවස්ථාව සඳහා එක්වූ මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ පවුලේ සාමාජිකයන් සමඟ ද සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.
එම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ භාර්යාව වන සජීවනී පීරිස් මහත්මිය සහ උපාධි අපේක්‍ෂාවෙන් සිටින ඔවුන්ගේ පුතු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධිකාරිලත් නිලධාරිනියක ලෙස සේවයේ යෙදි සිටින දියණිය ද එක්ව සිටියහ.
අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ දරුවන්ගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ කරුණු විමසමින් ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතුවලට ද සුබපැතුම් එක්කළේය. තවද, මේජර් ජෙනරල් අශෝක පීරිස් රට වෙනුවෙන් සටන් බිමේ සිටියදී සජීවනී පීරිස් මැතිණිය ඉටු කළ කාර්යභාරය ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.
මෙහිදී, මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ භාර්යාව ගෘහණියක් ලෙස තම ස්වාමිපුර්ෂයාට කිසිදු පීඩනයක් නොදී දරුවන් දෙදෙනා ඇති දැඩි කිරීමේ අභියෝගාත්මකම වගකීම තමා සතු කරගැනීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් ඇගයීමට ලක්කළේය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් අශෝක පීරිස් සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.
මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් අශෝක පීරිස් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.