31st May 2022 21:00:50 Hours
මීට වසර ගණනාවකට පෙර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි හෙබවූ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (29) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 83 වන වියේ පසුවිය.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් වයි. බාලරත්න රාජා (විශ්‍රාමික) ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ‘The Respect’ ශාලාවේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බ්‍රහස්පතින්දා (2) දින සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ හමුදා දිවිය තුළ 24 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, 1 වන සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති, 21 වන බලසේනාවේ බලසේනාධිපති, 1 වන සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානි වැනි තනතුරු හොබවා ඇත.