30th May 2022 17:38:10 Hours
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි සඳුදා (30) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය. තවද, වසරකට වැඩි කාලයක් යුද සේවා ලේකම්වරයා වශයෙන් යුද්ධ හමුදාව වෙත සිදුකරනු ලැබු අමිල මෙහෙවර වෙනුවෙන් ද සිය කෘතඥතාවය පළ කළේය.
එසේම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබාදුන් වෘත්තීය උපදේශන සහ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම්වරයා ලෙස මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි සිදුකළ සේවය ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රශංසාවට ලක්කරන ලදී.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. එමෙන්ම, මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීම වෙනුවෙන්ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සුබපැතුම් එක් කළේය.
මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශිරෝමි කොලඹතන්ත්‍රි මහත්මිය සහ මිලාගිරිය ශාන්ත පාවුළු විද්‍යාලයේ ඉගෙනුම ලබන එතුමන්ගේ දියණිය ද සහභාගී වූහ.