30th May 2022 17:43:46 Hours
වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් වන්දිත මහින්කන්ද පසුගිය සඳුදා (30) දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.
කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ඇතුලු යුද්ධ හමුදාවේ ප්‍රධාන පත්වීම් රැසක් හොබවා ඇත.
මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද ගේ පවුලේ සාමාජිකයන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ද සුභාශිංෂනයන් එක් කරන ලදී.
මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද ගේ දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ කරුණු විමසමින් ඔවුන්ට පැන නැගි ඇති ගැටලු පිළිබඳවද කරුණු විමසන ලදී.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය.
මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් වන්දිත මාහින්කන්ද වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.