Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2022 19:12:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේවා ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ නල්ලතන්නියට වැඩම කරවයි

ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී පාදස්ථාන මලුවේ සිට ධාතු කරඩුව, සමන් දේවා ප්‍රතිමාව, දේව ආභරණ හා පූජා භාණ්ඩ භටපිරිස් විසින් සම්ප්‍රදායානුකූලව අළංකාරවත් පෙරහැරකින් ඉකුත් සදුදා (17) දින නල්ලතන්නිය වෙත වැඩම කරවන ලදී.

පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමිපාණන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකය යටතේ ඇති 112 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් සහ සෙසුනිලයින් 100 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම උතුම් පුන්‍ය කර්මය සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, 112 බලසේනාවේ බලසේනාධිපති කර්නල් චන්දිම කුමාරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.