Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2022 19:15:46 Hours

යුද්ධ හමුදා භටපිරිස් අනුග්‍රාහකභවතුන්ගේ දායකත්වය ඇතිව පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලයි 

යුද්ධ හමුදාව තුළ ඇති මානව හිතවාදී බව යළි යළිත් පසක්කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් පසුගියදා කනගරායකුලම පෙරියකුලම් රජයේ මිශ්‍ර දමිළ විදුහලෙහි අධ්‍යාපනය හදාරන පාසල් සිසු සිසුවියන්ගේ පානීය ජල අවශ්‍යතාවයන් ලබාදීම සඳහා ප්‍රජා මූල ව්‍යාපෘතියක් දියත් කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.

දීර්ඝ කාලීනව ජල පහසුකම් නොමැතිව අධ්‍යාපනය හඳාරන පාසල් සිසු සිසුවියන්ගේ මෙම දුෂ්කරතාවය අවබෝධ කරගත් 561 වන බලසේනාවේ භට පිරිස් පත්මහංස ප්‍රජා සේවා සංවිධානයේ අනුග්‍රහය ඇතිව මෙම පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට කටයුතු කරන ලදී. 

56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ සහ 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක විසින් මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කරන ලදී. කනගරායකුලම පෙරියකුලම් රජයේ මිශ්‍ර දමිළ විදුහලෙහි පැවැති උත්සවයකදී මෙම ජල පහසුකම් පාසල් සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා ලබාදුන්හ.

සමාරම්භක උත්සව අවස්ථාව සඳහා 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක, 561 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, මේජර් පාලන හා භඨකාර්ය සම්පාදන එස්. ඒ. ආර්. එන් පෙරේරා ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.