Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2022 19:18:45 Hours

යුද්ධ හමුදාව මීළඟ බූස්ටර එන්නත ලබාදීට කටයුතු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත්කරණ වැඩසටහන් කිහිපයක් දියත්කරමින් කොවිඩ්-19 වෛරසයෙන් ලක්වාසීන් මුදවා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරන ලදී. තවත් එවන් එන්නත්කරණ වැඩසටහනකට දායකත්වය දැක්වීමේ අරමුණි සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ භටපිරිස් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් සිවිල් වැසියන්ගේ ප්‍රයෝජනය සඳහා කොවිඩ්-19 එන්නත් කරණ වැඩසටහනේ සිව්වන අදියර ඉකුත් බදාදා (18) දින විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධීපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මාර්ගෝපදේශ යටතේ කොළඹ, නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කණ්ඩායම් විසින් පළමු මාත්‍රාව සහ පළමු ෆයිසර් බූස්ටරය එන්නත් කිරීමෙන් අනතුරුව බූස්ටර මාත්‍රාව එන්නත් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබයි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මෙම එන්නත් කරන ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කටයුතු සහ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලබයි.