Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2022 18:58:33 Hours

යුද්ධ හමුදා භටපිරිස් මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රෝගීන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරයි 

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 114 දෙනෙකු සමඟ එක්ව එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 26 දෙනෙකු විසින් මඩකලපුව ශික්‍ෂණ රෝහලේ රුධිර අවශ්‍යතාවයන් සහිත රෝගීන් වෙනුවෙන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (14) දින කල්ලඩි ශිවනන්ද විද්‍යායීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මඩකලපුව ශික්‍ෂණ රෝහලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශෙවන්ත කුලතුංග විසින් මෙම ව්‍යාපෘතිය සඳහා දායක වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස 231 වන බලසේනාවේ භටපිරිස් වෙත උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව, එම බලසේනාව යටතේ සේවයේ නියුතු නිලධාරීන් 11 දෙනෙක්, සෙසුනිලයන් 103 දෙනෙක් සහ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් 26 දෙනෙකු මෙම වැඩසටහන ට දායක වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.

ව්‍යාපෘතියේ මෙහෙයවීම් කටයුතු සඳහා එම ප්‍රදේශයේ පිහිටි ශිවනන්ද ක්‍රීඩා සමාජයේ සහයෝගය හිමිවිය. ඒ අනුව, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 231 වන බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරී, 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිය රුධිරය පරිත්‍යාග කරන ලදී.