17th May 2022 18:56:26 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කඹුරුපිටිය ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත පිසූ ආහාර පාර්සල් 600 ක් වෙසක් පොහෝ දිනයේ (15) බෙදාදෙන ලදී.
යුද්ධ හමුදා භටපිරිස්හී මූල්‍යමය දායකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී එම භටපිරිස් විසින් මෙම පිසූ ආහාර පාර්සල් සිවිල් වැසියන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙන ලදී.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මාර්ගෝපදේශයන්ට අනුව 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ගේ සහ 613 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සක්‍රීය දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
ප්‍රදේශයේ වෙසෙනෙ සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය සහ ආර්ථික අපහසුතා පිළිබඳ සලකා බලමින් ප්‍රතිලාභීන් තෝරාගනු ලැබීය.