Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2022 19:00:10 Hours

යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩකයා පැරීසියේදී කිලෝග්‍රෑම් 57 බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනාගනී

ප්‍රංශයේ, පැරිස් නුවරදී මැයි මස 12 දින සිට 15 දින දක්වා පැවති ‘LES Centuries International Boxing Tournament Paris - 2022’ බොක්සිං තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න කිලෝ ග්‍රෑම් 57 බර පන්තිය නියෝජනය කර ප්‍රථම ස්ථානය හිමිකරගනිමින් මවුබිමටත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කර දෙන ලදී.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ එකම බොක්සිං ක්‍රීඩකයා ලාන්ස් කෝප්‍රල් පී.ඒ.ආර් ප්‍රසන්න වන අතර, ඔහු යුද්ධ හමුදා බොක්සිං සංගමයේ සමාජිකයෙකු ද වේ. නුදුරේදී පැවැත්වීමට නියමිත ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022’ සඳහා තරඟ කිරීමට පෙර ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියක් සඳහා සහභාගී වූ එකම ක්‍රීඩකයා ද ඔහු වේ.

‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022’ හි බොක්සිං තරඟ ඉසව්ව සඳහා සුුදුසුකම් ලැබූ ක්‍රීඩකයින් පස්දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුලින් බිහිවීම ද සුවීශේෂීත්වයකී.