Header

Sri Lanka Army

Defender of the Nation

17th May 2022 18:54:18 Hours

1 වන බලකායේ භටපිරිස් වෙසක් පුන් පොහෝ දිනයේ වියළි සලාක පරිත්‍යාග කරයි

කිලිනොච්චි, ඉරනමඩු ප්‍රදේශයේ පිහිටි 1 වන බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් වෙසක් පුන් පොහෝ දිනය (15) නිමිති කරගනිමින් එම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුල් 100 ක් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.

1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න ගේ උපදෙස් මත එම බලකායේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් 2500/= ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් භටපිරිස් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සමගාමීව වෙසක් පුන් පොහෝ දිනයේ වැදගත්කම සිහිපත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.   

ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් මෙම වියළි සලාක පාර්සල් බෙදාදීම සඳහා 1 වන බලකායේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අසේල අමරසේකර, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් කාමින්ද සිල්වා, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්වූහ.