Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2022 17:07:58 Hours

රණවිරු සැමරුම් දින පණිවුඩය නිකුත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මෙහෙවර පිළිබඳ සිහිපත් කරයි

ශ්‍රී ලංකාද්වීපයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක්ව පැවැති බෙදුම්වාදී එල්ටීටීඊ ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් මුලිනුපුටාදමා රටට තිරසාර සාමයක් උදාකර දීමේ 13 වැනි සැමරුම සමරන්නේ මහත් ආඩම්බරයෙන් හා ගෞරවයෙන් යුතුවය.

දශක තුනක පමණ කාලයක් පැවැතුණු මිලේච්ඡ ත්‍රස්තවාදය හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකාවාසීන් විඳි දුෂ්කරතා අපමණය. අවස්ථා ගණනාවකදි ඇතිකරගනු ලැබු සටන්විරාම ගිවිසුම් මගින් ත්‍රස්තවාදය අවසන් කිරීමට ගත් සියලු උත්සහායන් එල්ටීටීඊ සංවිධානය විසින් ව්‍යාර්ත කරනු ලැබිණ. මාවිල්ආරු සොරොව්ව වර්ෂ 2006 දී වසාදමමින් සමාන්‍ය ජනතාව හා ගොවිබිම් වෙත ජලය සැපයීම නවතාදමා එල්ටීටීඊ සංවිධානය සිය මිලේච්ඡත්වය නැවත ප්‍රදර්ශනය කරමින් නැගෙනහිර මානුෂිය මෙහෙයුමට ආරම්භය සකස්කර දුන් බව සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරු දින පණිවුඩය නිකුත් කර ඇත.

රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ එම නිවේදනය පහතින් දැක්වේ.