08th May 2022 10:33:08 Hours
මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රවී රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණයෙන් එක්සත් රාජධානියේ ‘ස්වේෂිණී’ සුභසාධන පදනමේ අනුග්‍රාහකත්වය හා 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ මඟපෙන්වීම මත 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 543 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (5) දින මන්නාරම ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙත පාසල් පාවහන් යුගල 110 ක් පරිත්‍යාග කරන ලදී.
මන්නාරම සංස්කෘතික ශාලාවේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා සම්බන්ධීකරණ නිලධාරින් සහ අනුග්‍රාහක භවතුන් මෙන්ම 54 වන සේනාංකයේ සේනාංකාධිපති, 543 වන බලසේනාවේ බලසේනාධිපති, 54 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, විදුහල්පතිවරුන් සහ ගුරු භවතුන් ද සහභාගි වූහ.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස 54 වන සේනාංකයේ සේනාංකාධිපති සහ මන්නාරම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එක්වූහ.