Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2022 15:30:40 Hours

යුද්ධ හමුදා පැරෂුට් භටයින් උඩුගුවනේ දස්කම් දක්වති

අම්පාර, උහන ගුවන් හමුදා කඳවුරේ පැවති පැරෂුට් පුහුණු සැසියකදී මෙරට ප්‍රථම වරට පැරෂුට් (canopies) 11 ක් උඩු ගුවනේ පෙළගස්වා විවිධ සංදර්ශන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින් වර්ණවත් පැරෂුට් සංදර්ශණයක් ඉදිරිපත් කරන ලදී.

මෙම පැරෂුට් කණ්ඩායමට කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් විජිත හෙට්ටිආරච්චි, කර්නල් සුමල් වික්‍රමසේකර, මේජර් ඒ.ඒ.එන් අධිකාරි, මේජර් වයි.එම්.එන් කුලතුංග, මේජර් ඩබ්ලිව්.පී සඳරුවන්, බළලත් නිලධාරි II අයි.පී.ඩී.එන්. සේනාරත්න, මාණ්ඩලික සැරයන් අයි. ජී. ඒ සමන් කුමාර, මාණ්ඩලික සැරයන් ආර්.ඩී.ඩී ගුණවර්ධන, සැරයන් එස්. ආර්. එන්. කැලුම්, සැරයන් එල්.ආර්.එන් බණ්ඩාර සහ කෝප්‍රල් බී. ඒ. පී. ජේ. පී. බණ්ඩාර යන නිලධාරින් සහ කොමිෂන් නොලත් නිලධාරින් සහභාගී වූහ‍.