Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2022 15:00:46 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය ධූරයෙන් නික්ම යයි

පසුගිය දා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලැබූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි වෙත ප්‍රධාන දොරටුව අභියස දී 4 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකිරීමෙන් අනතුරුව එතුමන් භටපිරිස් අමතමින් සිය සේවා කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පුදකරන ලදී.

ඉන් අනතුරුව, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර, 22, 23 සහ 24 වන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.