08th May 2022 10:26:37 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් මුලතිව් ප්‍රදේශයේ පිහිටි උදයාර්කට්ටු ජාතික පාසල වෙතින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව එම පාසලේ නාමපුවරුව ප්‍රතිසංස්කරණය කර නැවත සවි කිරීම සඳහා අවැසි සහයෝගය ලබාදෙන ලදී.
පාසල් සිසු සිසුවියන්ගේ දෙමවුපියන් තිදෙනෙකු ලබාදුන් සහයෝගය මත යුද්ධ හමුදා සාමාජිකයින් 6 දෙනෙකු විසින් මෙම ප්‍රජා මූලික වැඩසටහන නිමකිරීමෙන් අනතුරුව 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි විසින් විදුහල්පතිතුමන් වෙත ඒ පිළිබඳ දැනුවත් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය නිම කිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන් සහ දෙමවුපියන් යුද්ධ හමුදාව මඟින් සිදුකරනු ලැබූ මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදාව වෙත ප්‍රශංසාද කරනු ලැබීය.