Header

Sri Lanka Army

Defender of the Nation

08th May 2022 14:40:04 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව විධායක ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 34 වන විධායක ජෙනරල් ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය බ්‍රහස්පතින්දා (5) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි ආරම්භ කරන ලදී.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර 61 වන සේනාංකායේ සේනාංකාධිපති ලෙස රාජකාරි කටයුතු සිදුකරන ලදී. මීට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් ධූරයේ රාජකාරි කරනු ලැබූ මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ධූරය සඳහා පත්කරන ලදී.