08th May 2022 14:35:22 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර 13 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල පසුගිය බදාදා (4) එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී රාජකාරි ආරම්භ කළේය.
ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල වෙත විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ.
ඉන් අනතුරුව, මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
පසුව, සමූහ ඡායාරූපයක් සඳහා එක් වූ නව ආඥාපතිතුමන් මෙම අවස්ථාව සංකේතවත් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ප්‍රධාන කාර්යාලය අභියස පැළයක් ද රෝපණය කළේය.
අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මාණ්ඩලික නිලධාරීන් විසින් සිය කාර්යභාරය සහ රාජකාරි පිළිබඳව නව ආඥාපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන් වෙත සිය සුබපැතුම් ද එක්කරන ලදී.
එම අවස්ථාවේදී, මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල භටපිරිස් අමතමින් සිය දැක්ම පිළිබඳ දැනුවත් කළ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්ති නාමය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පෙන්වා දුන්නේය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.