Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2022 21:00:36 Hours

නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරය

ධූර කාලය අවසන් කර නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය ඉරිදා (01) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පවත්වන ලදී. එහිදී, නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේ මඟ දෙපස රැඳි සිටි භටපිරිස්හී ගෞරවාචාරය ද පුදකළහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ භටපිරිස් අමතමින් සිය ධූර කාලය තුල ලබාදුන් විශිෂ්ඨ සහයෝගය වෙනුවෙන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලු නිලයින් වෙත සිය ස්තූතිය පුදකරන ලදී. පසුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්වීමෙන් පසුව නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කාර්යභාරය ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්‍රයේ මඟ දෙපස රැඳි සිටි සියලු නිලයන්ගේ ගෞරවාචාර මධ්‍යයේ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ නික්ම ගියේය.

මෙම උත්සව අවස්ථාව සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගි වූහ.