07th May 2022 20:45:44 Hours
යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව Singer Sri Lanka Private Limited සමාගම විසින් සිදුකරනු ලැබූ අනුග්‍රාහකත්වය මත 662 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (27) දින මුක්කම්පන් සහ අක්කරායන්කුලම් ප්‍රදේශවල ඇති පෙර පාසල් 8 ක ළමුන් වෙත සෙල්ලම් බඩු සහිත ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදී.
662 වන බලසේනා මූලස්ථානයේ තවත් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලද මෙම පරිත්‍යාග වැඩසටහනට සමගාමීව එම බලසේනාව යටතේ ස්ථාපිත 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාගයන් බෙදාදීමට කටයුතු කරනු ලැබූහ.
66 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් Singer Sri Lanka Private Limited සමාගම වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව එම සමාගමේ අනුග්‍රාහකත්වය මත ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙත සෙල්ලම් බඩු සහ අධ්‍යාපනික උපකරණ සහිත මෙම පරිත්‍යාගයන් සිදුකිරීමට භටපිරිස් වෙත හැකියාව ලැබිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී විය.
තවද, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් ද මෙම උත්සවය සඳහා සහභාගි වූහ.