Header

Sri Lanka Army

Defender of the Nation

07th May 2022 20:43:43 Hours

යාපනය අර්ධද්වීපයේ පාසල් ශිෂ්‍ය භටයින් 50 දෙනෙකු වෙත නායකත්ව පුහුණු වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් පාසල් ශිෂ්‍ය භටයින් සඳහා තල්සෙවණ නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පසුගිය බ්‍රහස්පතින්දා (28) දින නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ උපදෙස් හා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම නායකත්ව පුහුණු වැඩසටහන සඳහා යාපනය හින්දු විද්‍යාලය, ශාන්ත පැට්‍රික්ස් විද්‍යාලය හා යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් ශිෂ්‍ය භටයින් 50 දෙනෙක් සමඟින් යාපනය හින්දු විද්‍යාලයේ විදුහල්පතිතුමන් හා ජාතික ශිෂ්‍යභට බලකායේ නිලධාරින් ද සහභාගී වූහ.

මෙම පුහුණු වැඩසටහනේදී නායකත්ව කුසලතා, පෞරුෂ සංවර්ධනය කරගැනීම සහ නිවැරදි තීරණ ගැනීම ආදි කරුණු කෙරෙහි ශිෂ්‍ය ශිෂ්‍යභටයින් දැනුවත් කරන ලදී.