Header

Sri Lanka Army

Defender of the Nation

06th May 2022 20:10:07 Hours

අණදෙන නිලධාරින් සඳහා දෙදින වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් 40 දෙනෙකුගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය දා දෙදින වැඩමුළුවක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ සංකල්පයකට අනුව අප්‍රේල් මස 25 සහ 26 දෙදින තුළ එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහනේ ආරම්භයේදී 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.

ඒකක පරිපාලනය, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතිය, භටපිරිස් කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, රෙජිමේන්තු ගිණුම් පාලන ප්‍රතිපත්ති, වැටුප් සහ දීමනා, ජාතික ආරක්‍ෂාව සහ නීතිමය පසුබිම මත විධාන වගකීම් ආදී කරුණු පිළිබඳ වැඩිදුර අවධානය යොමුකරමින් මෙම වැඩමුළුව පැවැත්වීය. මෙම වැඩමුළුව පැවැත්වීමට ප්‍රථම දේශකයන් සහ වැඩමුළුව සඳහා සහභාගී වූවන් අතර සංවාදශීලී වැඩසටහනක් ද පැවැත්වීය.

මෙම වැඩසටහන සමාප්තියේ සහභාගී වූ නිලධාරින් සඳහා සහතිකපත්‍ප්‍රදානය කරන ලදී.