Header

Sri Lanka Army

Defender of the Nation

30th April 2022 19:03:05 Hours

58 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් තවත් ප්‍රජා සත්කාර වැඩසටහනක්

තබ්බෝව සහ නෙළුම්වැව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ වෙසෙන ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන අඩු ආදායම් ලාභී පවුල් 40 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා මූලික වැඩසටහනක් ඉකුත් ඉරිදා (24) දින 1 වන බලකාය - කිලිනොච්චිය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රෝහිත අලුවිහාරේ ගේ උපදෙස් මත එම සේනාංකය විසින් ‘Industrial Safety Equipment Company’ පුද්ගලික ආයතනය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව එහි අධ්‍යක්‍ෂිකා දීපිකා ගුණසේකර මහත්මිය විසින් මේ සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනාවේ කර්නල් භඨකාර්ය සම්පාදන කර්නල් නලින්ද්‍ර මහවිතාන විසින් මෙම පරිත්‍යාගශීලි ප්‍රජා සත්කාරක වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.