30th April 2022 04:01:47 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථානයේදී ‘Paradigm Shift in Military Logistics in Jaffna Peninsula’ යන තේමාව යටතේ පැමිණිය හැකි අභියෝගයන්, නිර්මාණාත්මක සහ නවීන තාක්‍ෂණික ක්‍රමවලට අනුගතවීම, පවතින සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම, වර්ථමානයේ පවතින අඩුපාඩු නිරාකරණය කිරීම ආදී කරුණු කීපයක් සම්බන්ධව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අප්‍රේල් මස 26 සහ 27 යන දෙදින තුල පවත්වනු ලැබූහ.
මෙම සම්මන්ත්‍රණය සඳහා යාපනය බලප්‍රදේශයේ සියලුම කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරීන්, මේජර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරීන්, දෙවන අණදෙන නිළධාරීන්, උපකරණ පාලක නිලධාරීන් සහ රෙජිමේන්තු උපකරණ පාලක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූහ.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රංජන් ජයසේකර විසින් ඵලදායී අයුරින් සැපයුම් ජාලයක් පවත්වාගෙන යාමේ වැදගත්කම සහ රාජකාරි භූමිකාවන්හි ඵලදායීතාවය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.