30th April 2022 20:00:43 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට පා තබන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පීවීඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී (General Manoj Mukund Naravane PVSM AVSM SM VSM ADC) වෙත ලිපියක් මගින් මෙලෙස සිය කෘතවේදී බව සඳහන් කළේය. ‘‘සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ මිතුරෙකු ලෙස බොහෝ ක්‍ෂෙත්‍රයන් ඔස්සේ න්‍යායාත්මක සංවර්ධන උපදේශනය, හමුදා විශේෂඥතා දැනුම හුවමාරු වැඩසටහන්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහා දෙරට අතර ආරක්‍ෂක සංවාද, ද්වීපාර්ශික ඒකාබද්ධ හමුදා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සම්ප්‍රදායික අවශ්‍යතාවලින් ඔබ්බට මිතුරන් ලෙස බෙදාහදාගෙන ඇති පුද්ගලික බැඳීම තුළින් කොවිඩ්-19 වෛරස් තත්ත්වය අතරතුර ද වෛද්‍ය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට සහය වීමට මැදිහත්වීම මා හට අමතක නොවන සිදුවීමකි’’. යනුවෙන් නොබෝ දිනකින් සිය ධූරයෙන් නික්ම යාමට නියමිත ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී වෙත සිය සුභාසිංසන පිරිනමණු ලැබීය.
ඉන්දීය යුද්ධ හමුදාවේ 28 වන යුද්ධ හමුදා ප්‍රධානි ලෙස වසර 42 කට අධික විශිෂ්ඨ සේවා කාලයක් සම්පූර්ණ කර සෙනසුරාදා (30) දින යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 62 වන වියේ පසුවන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන පීවීඑස්එම් ඒවීඑස්එම් එස්එම් වීඑස්එම් ඒඩීසී (General Manoj Mukund Naravane PVSM AVSM SM VSM ADC) ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ ඉන්දියානු යුද්ධ හමුදාව අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාවය සහ ක්‍රියාකාරී සබඳතාවයන් තවදුරටත් පුළුල් කරමින් පසුගිය වසර කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ට සහ සෙසුනිලයන්ට පුහුණු අවස්ථා වැඩි වශයෙන් ලබාදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ඔබ ලබාදුන් සහයෝගය මා ඉතා කෘතවේදීව සිහිපත් කරන්නෙමි. යනුවෙන් සිය ලිපියෙහි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර ඇත.
තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ලිපිය මගින් යුද්ධ හමුදා සේවයෙන් නික්ම යන ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ ඉන්දීය කලාපය තුළ කලාපීය සාමය, හමුදා සහයෝගීතාවය සහ අන්තර් සම්බන්ධතාවයන් වැඩිදියුනු කරමින් විශිෂ්ට යුද්ධ හමුදා නායකයෙකු වශයෙන් පිළිඹිබු කරන ලද ගුණාංගයන් ප්‍රශංසාවට ලක්කරන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි වෙත ඉදිරිපත් කරන ලද ලිපයේ උපුටා ගැනීම පහත පරිදි වේ.
“වයස අවුරුදු 62 ක් සම්පූර්ණ කරමින් ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන ඉන්දීය යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ලබන මොහොතේදී ඔබටත්, නාරාවන මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින්ටත් මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගනිමි. 2019 දෙසැම්බර් මස 31 වන දින ඉන්දීය හමුදාවේ 28 වැනි යුද්ධ හමුදා ප්‍රධානියා ලෙස පත්වීමෙන් අනතුරුව, ඔබ පළපුරුදු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු ලෙස ඔබේ ප්‍රඥාවෙන් සහ නායකයෙකු ලෙස ඔබේ කැපවීමෙන් ඉන්දීය හමුදාව භෞතික, සංකල්පීය සහ සදාචාරාත්මක දියුණුව කරා රැගෙන ගොස් ඇත”.
දැනුම, ස්ථාවරත්වය සහ දේශප්‍රේමය. ඔබගේ නායකත්වය සමඟ ඉන්දියානු හමුදාව ලොව හොඳම හමුදාවන්ගෙන් එකක් ලෙස පත්වීම කෙරෙහි ද විශ්වසනීයත්වය සහ තීරණාත්මක බව තහවුරු කර ඇත. කලාපීය සාමය, හමුදා සහයෝගීතාව සහ කලාපය තුළ අන්තර් සම්බන්ධතා මෙන්ම ආරක්‍ෂක සම්බන්ධතාවයන් සඳහා ඔබ ඉටු කළ සේවය වෙනුවෙන් ඔබ ලෝකයේ කැපී පෙනෙන හමුදා නායකයින් අතරට තැබීමට මා කිසි විට පසුබට නොවෙමි’’.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට හමුදා පුහුණු වැඩසටහන් ලබාදීම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට යටිතල පහසුකම් පරිත්‍යාග කිරීම මෙන්ම න්‍යාය සංවර්ධනය, යුධ විශේෂඥතා හුවමාරු වැඩසටහන්, ආරක්‍ෂක සංවාද සහ ඒකාබද්ධ ක්‍රමවේද සඳහා ඔබගේ පුද්ගලික මැදිහත්වීම තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කෙරෙහි ඔබගේ ත්‍යාගශීලීභාවය සහ පුද්ගලික බැඳීම මනාව පැහැදිලි බවත් ‘‘යුද්ධ හමුදා ප්‍රධානියා ලෙස සේවය කළ කාල සීමාව තුළ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින් විශිෂ්ට ආරක්‍ෂක සහයෝගීතාවක් ඇතිකර ගැනීමට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා හමුදාවන්ට හැකි වූ බවත්” ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
තවද, සාම්ප්‍රදායික අවශ්‍යතාවලින් ඔබ්බට අපි මිතුරන් ලෙස බෙදාහදා ගන්නා ලද පුද්ගලික බැඳීම මගින් කොවිඩ්-19 වෛරස් තත්ත්වය තුළ වෛද්‍ය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට සහය වීමට ඔබ කළ අවංක මැදිහත්වීම මට අමතක නොවේ. ඔබ මා වෙනුවෙන්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකළ අපරිමිත කැපකිරීමට බෙහෙවින් ස්තූති වන්ත වෙමි. යනුවෙන් ද එම ලිපියේ සඳහන් කර ඇත.
‘‘ඔබේ ප්‍රඥාවෙන්, හැකියාවෙන් සහ කැමැත්තෙන් භාරතීය මාතාවගේ සැබෑ පුත්‍රයෙකු ලෙස ඔබ ඉදිරියටත් ඉන්දීය ජාතියට සේවය කරනු ඇතැයි අවංක බලාපොරොත්තුවකින් යුතුව ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට නැවත වරක් ප්‍රාර්ථනා කරමි.’’ යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය ලිපිය අවසන් කර ඇත.