30th April 2022 04:20:46 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් වේයන්ගොඩ පිහිටි මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා පසුගිය බදාදා (27) දින එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙම සංචාරය අතරතුරදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් කඳවුරු පරිශ්‍රයේ පරිපාලන අංශ සහ නිෂ්පාදන ක්‍රියාවලියන්හි විවිධ අධීයරයන් නිරීක්‍ෂණ කරමින් එහි අවශ්‍යතාවයන් පිළිබද සොයා බැලීය. තවද, එතුමන් පතරොම් නැවත පිරවීමේ සහ වෙඩි බෙහෙත් නිෂ්පාදනය කිරීමේ අංශයේද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා යුධොපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර, යුධෝපකරණ සේවා ආධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂක මණ්ඩලයේ කර්නල් මාණ්ඩලික ප්‍රධානී කර්නල් ප්‍රදීප් මාපලගම සහ කර්නල් යුධොපකරණ කර්නල් ආනන්ද ජයරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.