30th April 2022 19:40:52 Hours
කොස්ගම, සාලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ පසුගිය බදාදා (27) දින පැවති උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල උපාධි අපේක්‍ෂිත දූපුතුන් 39 දෙනෙකුගේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය සාර්ථකව සිදුකරගෙන යාම සඳහා මූල්‍ය ආධාර ප්‍රධානයන් සිදුකරනු ලැබූහ.
මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහභාගි වූ අතර, එහිදි 2020 වර්ෂයේ විශ්වවිද්‍යාල වරම් හිමිවූ දූපුතුන් 39 දෙනෙකු වෙත ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සාර්ථකව සිදුකරගෙන යාම සඳහා එක් අයෙකුට රුපියල් 50,000.00 බැගින් වූ මූල්‍යමය දිරි දීමනා පිරිනමන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව සහ ශ්‍රී ලංකා ජාතික රක්‍ෂණ සංස්ථාව එක්ව පවත්වාගෙන යනු ලබන ‘විරුසවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය මගින් උපයන ලාභාංශන්ගෙන් මෙම මූල්‍යමය ප්‍රධානයන් පිරිනමන ලදී.
විශ්වවිද්‍යාල වරම් හිමිවූ එම දූපුතුන් වැඩි දෙනෙකු යුද්ධයේදී දිවිපිදූ සහ තුවාල ලැබූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වන අතර, මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරාධිතයින් සහ ප්‍රතිලාභීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.