Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2022 19:36:24 Hours

යුද්ධ හමුදා භටපිරිස් දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් - 19 ප්‍රතිකාර වාට්ටුව ප්‍රතිසංස්කරණය කරයි

141 වන බලසේනාව යටතේ ස්ථාපිත 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ උපදෙස් මත දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ අබලන්ව පැවති කොවිඩ් - 19 ප්‍රතිකාර වාට්ටුව නැවත ප්‍රතිසංස්කරණය කර පසුගිය බදාදා (20) දින රෝහල් බලධාරින් වෙත පවරා දෙන ලදී.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සහ අනෙකුත් සම්පත් සඳහා අවැසි අනුග්‍රාහකත්වය ‘MAS Active Nirmana Pvt Ltd’ සමාගම විසින් ලබාදෙනු ලැබූහ.

ප්‍රතිසංස්කරණය කරනු ලැබූ කොවිඩ් - 19 ප්‍රතිකාර වාට්ටුව විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රදීප් ගමගේ සමඟින් ‘MAS Active Nirmana Pvt Ltd’ සමාගමේ මානව සම්පත් සහ තිරසාර ව්‍යපාර කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ එස්. ලොකුගේ මහත්මිය සහභාගී වූහ.

සමරු ඵලකය නිරාවරණය කර සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා විවෘත කරනු ලැබූ නව කොවිඩ් - 19 ප්‍රතිකාර වාට්ටුව රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත නිල වශයෙන් භාරදෙන ලදී. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෝහල් පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මෙම උත්සව අවස්ථාව සඳහා 141 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින්, 6 වන කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීන්, පරිත්‍යාගශීලී සමාගමේ නියෝජිතයින් සහ රෝහලේ පරිපාලක නිලධාරින් ද සහභාගී වූහ.