Header

Sri Lanka Army

Defender of the Nation

25th April 2022 19:43:09 Hours

යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් පලිනගර් විද්‍යාලයේ සිසු සිසුවියන්ට පාසල් පොත් පරිත්‍යාග කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත පසුගිය බදාදා (20) දින වවුනියාව පලිනගර් විද්‍යාලයේ අවශ්‍යතා සහිත පවුල්වල සිසු සිසුවියන් වෙත පොත් පාර්සල් 500 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (20) දින ක්‍රියාත්මක කරන ලදී.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සිසු සිසුවියන් සතු දුෂ්කරතා පිළිබඳ අවධානය යොමුකරමින් බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි සුරේන් ද සිල්වා මහතා, ආචාර්ය සී.එස්. ශිවකුමාර් මහතා සහ ආර්.පී.ජී.ඩබ්ලිව්. වික්‍රමසිංහ මහතා විසින් එම සිසු සිසුවියන් 500 දෙනෙකු වෙත පාසල් පොත් සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීමට අවැසි අනුග්‍රාහක්තවය ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.

652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාව යටතේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් මෙම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.