Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2022 19:48:22 Hours

අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදෙති

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ප්‍රධානත්වයෙන් මකුළැල්ල විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 115 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සිදුකෙරිණි. මේ සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි රුවින් සිල්වා මහතා සිය අනුග්‍රාහකත්වය දැක්වූවේය.  

පාසල් උපකරණ බෙදාදීමේ උත්සවය අප්‍රේල් මස 08 දින මකුළැල්ල විද්‍යාලයෙහි පැවැත්වුණු අතර, මෙහිදී සිසු සිසුවියන් 115 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදෙන ලදී.  

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක්, මකුළැල්ල විද්‍යාලයේ විදුහල්පති සහ ගුරු භවතුන්, දෙමවුපියන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ද සහභාගී වූහ.