Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 17:48:46 Hours

අවශ්‍යතා සහිත පවුල් සඳහා යුද්ධ හමුදාවෙන් වියළි සලාක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (12) දින කඹුරුපිටිය සහ ඒ අවට ප්‍රදේශවල අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 40 ක් බෙදාදෙන ලදී.

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව ‘මිතුදම් හෙල්පින් හෑන්ඩ්’ (Mithudam Helping Hand) සංවිධානය සහ වෛද්‍ය භාග්‍යා වීරවර්ධන විසින් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රහකත්වය ලබාදුන් අතර 613 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලුතිනන් කර්නල් විරාජ් අබේසිංහ විසින් මෙම වැඩසටහන අධීක්‍ෂණය කරන ලදී.

මෙම වැඩසටහන කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි 613 වන බලසේනා මූලස්ථානයේදී පැවැත්විණි.