Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 17:58:49 Hours

මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියන්ගේ අනුග්‍රාහකත්වය මත අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

යුද්ධ හමුදා භටපිරිස්හී ශ්‍රම දායකත්වය මත දේවහූව, හිනුක්ගල ප්‍රදේශයේ හිසට සෙවණක් නොමැතිව දිවිගෙවූ ආබාධිත දරුවන් සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය සඳුදා (11) දින පැවති කෙටි උත්සවයකදී එම පවුල වෙත පවරාදෙනු ලැබීය.

කොළඹ මියුසියස් විද්‍යාලයේ 1980 ආදි සිසුවියන් විසින් ලබාදුන් රුපියල් ලක්‍ෂ 3 ක මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 වන ගජබා රෙජිමේන්තුව, 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 1 වන ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ 17 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් විසින් මාස 4 ක කාලයක් තුළ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු නිමකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ උපදෙස් හා 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කල්ප සංජීව සහ 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූ මෙම නව නිවස දේවහූව, හිනුක්ගල, අක්කර 20 හි පදිංචි ආබාධිත දරුවන්ගෙන් සමන්විත කාන්තාවක් වන ඩබ්ලිව්.එම්. මධූෂා ප්‍රසාදි ධර්මපාල මහත්මිය වෙත භාරදෙන ලදී.

මෙම උත්සවයේදී, 111 වන බලසේනාවේ බලසේනාධිපති සමඟින් එම බලසේනාවේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරීතුමන් සහ පරිත්‍යාගශීලීන් එක්ව නිවාසලාභී පවුල වෙත වියළි සලාක පාර්සලයක් ද පරිත්‍යාග කරන ලදී. මෙම උත්සවයට හිනුක්ගල, දේවහූව ග්‍රාම නිලධාරී ඇතුළු ආරාධිතයින් කිහිපදෙනෙකු සහ ප්‍රතිලාභියාගේ ඥාතීන් ද පැමිණ සිටියහ.