Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 17:44:08 Hours

පුත්තූර් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බෙදාදෙයි

52 වන සේනාංක බලප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් 44 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වියළි සලාක පාර්සල් බෙදාදීමේ උත්සවයක් 52 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් ගේ ප්‍රධානත්වයෙන් 2022 අප්‍රේල් මස 08 දින පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ දී පැවැත්විණි.

‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ ඩී.ඩී. විජේසිංහ මහතා, ලක්‍ෂ්මී දිසානායක මහත්මිය, ඔවුන්ගේ දියණිය වන කවීෂා ජයනි මෙනවිය සහ ජානක ගුණතිලක මහතා ගේ අනුග්‍රහකත්වය මත සිදුකරනු ලැබූ මෙම ව්‍යාපෘතිය විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක ලුතිනන් කර්නල් බී.ඩී.ටී.ඩී. ජයරත්න විසින් සම්බන්ධීකරණය කරන ලදී.

එමෙන්ම, කොළඹ 7 ශ්‍රී නාරද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පූජ්‍ය චන්ද්‍රකීර්ති හිමියන්ගේ සුරතින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 158 ක් ලබාගත් සිසුවෙකුට පා පැදියක් ප්‍රදානය කිරීම ද මෙම උත්සවයේදී සිදුවිය.

මෙම අවස්ථාව සඳහා 522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රුවන් මුණිපුර, 52 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 15 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.