15th April 2022 18:30:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායෙන් බිහිවු කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් කේ.ඒ.එම්.ජී. කුලරත්න (විශ්‍රාමික) පසුගිය බ්‍රහස්පතින්දා (14) දින අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 77 වන වියේ පසුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ප්‍රථම කර්නල් සේනාවිධායක ධූරය හෙබවූ එතුමන් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි, සුභසාධක අධ්‍යක්‍ෂ, විනයාරක්‍ෂාධිපති, භඨකාර්ය සම්පාදන ආඥාපති, 33 හා 32 වන බලසේනාවන්හී බලසේනාධිපති සහ යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් වැනි තනතුරු ද හොබවා ඇත.
අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් කේ.ඒ.එම්.ජී. කුලරත්න (විශ්‍රාමික) ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ ‘The Respect’ ශාලාවේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ ඉරිදා (17) දින සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.