Header

Sri Lanka Army

Defender of the Nation

13th April 2022 19:53:41 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද උදාවීමට පෙර රණවිරු සංගම්වල දිස්ත්‍රික් නියෝජිතයන් හමුවෙයි

සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සුභාශිංසන පිරිනැමිමේ අරමුණින් රණවිරු සංගම්වල දිස්ත්‍රික් නියෝජිතයන් හමුවීමට තීරණය කළ එම කමිටු ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සදුදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී එම රණවිරුවන් සමඟ විශේෂ හමුවක් පවත්වන ලදී.

විශ්‍රාමික, රණක්‍ෂිතයට පත් සහ මියගිය රණවිරුවන්ගේ සහ ඔවුන්‍ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් හැකි අයුරින් සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව 2021 පෙබරවාරි මස 16 වන දින මෙම රණවිරු සංසදය ස්ථාපිත කරන ලදි. ඒ අනුව ඔවුන්ට පැණනැගෙන ගැටළු රණවිරු සේවා අධිකාරිය සහ යුද්ධ හමුදා මූලස්ථානයේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙන්ම සුභසාධන අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් නිරාකරණය කර ගැනීමේ හැකියාව මින් ලැබෙනු ඇත.

තවද, පසුගිය කාලය තුළ ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් ආඥාපතිවරුන් දිස්ත්‍රික් කමිටු සමඟ සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ගැටලු විසඳීමට දායකත්වය දක්වන ලදී.

මාතෘභූමියේ උන්නතිය වෙනුවෙන් අතීතයේ ඔවුන් කළ කැපවීම් අගය කරමින් එම කැපකිරීම අගයකරමින් රණවිරු සංගම්වල සාමාජිකයින් වෙත සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග ප්‍රධානය කිරිමේ උත්සවයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ත්‍යාග ප්‍රදානය කිරිම ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් මංගල මායාදුන්නේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

මෙම උත්සව අවස්ථාව සඳහා කෑගල්ල, කළුතර, අනුරාධපුර, මාතර, මහනුවර, මොණරාගල, ගාල්ල, නුවරඑළිය, අම්පාර, පොළොන්නරුව, කොළඹ, රතන්පුර, මාතලේ, වවුනියාව, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, ත්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 22 ක් නියෝජනය කරමින් විධායක සභිකයින් සහභාගි වූහ.

උත්සව කටයුතු ආරම්භ කිරීමට පෙර ජාතික ගීතය සහ යුද්ධ හමුදා ගීතය ගායනා කරන ලදී. අනතුරුව මියගිය රණවිරුවන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදී. උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් විකුම් ලියනගේ සහ රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ රණවිරු සංගම්වල සාමාජිකයින් ඇමතු යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මෙම හමුවේ අරමුණ පැහැදිලි කරනු ලැබු අතර, තවද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාමික, තුවාල ලැබූ සහ මියගිය අයගේ පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන මට්ටමින් ඔවුන්ගේ ගැටළු යොමු කරන ලෙස ද පැමිණ සිටි රණවිරු සංගම්වල සාමාජිකයින්ගෙන් එහිදි ඉල්ලා සිටියේය.