Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2022 07:30:07 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් උපාලි ගුණසේකර ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපාලි ගුණසේකර පසුගිය අඟහරුවාදා (5) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුවේදී මේජර් ජෙනරල් උපාලි ගුණසේකර විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

විශ්‍රාම දිවියට එල‍ඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි ත්‍රස්ථවාදයට එරෙහින පැවති මානූෂීය මෙහෙයුම් වලදී මාතෘභූමිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කල විශිෂ්ඨ කැපවීමට සහ යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හොබවමින් කල ප්‍රශංසනීය සේවයට යුද්ධ හමුදාධිපතිතුමන් තම කෘතවේදීත්වය ප්‍රකාශ කලහ.

විශ්‍රාම දිවියට පිවිසෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ අනාගත සැලසුම් පිළිබඳ විමසා බැලූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින් සුහද පිළිසඳරකද නිරත විය. එම හමුව අතරතුරදී නාවික හමුදාවේ ඉංජිනේරුවරයෙකු ලෙස රාජකාරි කරන පුත්‍රයා සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අනේවාසික උපාධි අපේක්‍ෂිකාවක් ලෙස අධ්‍යාපනය හදාරන දියණිය එම ස්ථානයට ගෙන ඒමට තම දරුවන්ගේ හා පවුලේ වගකීම් කැපවීමෙන් හා ධෛර්ය සම්පන්නව ඉටුකිරීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් මේජර් ජෙනරල් උපාලි ගුණසේකර නිලධාරී තුමන්ගේ ආදරණීය භාර්යාව වන ගුණසේකර මැතිණිය වෙත යුද්ධ හමුදාධිපති තුමන් ප්‍රශංසා කරන ලදී.

එහිදී දශක තුනක සේවා කාලය තුල රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, දිරිගැන්වීම් සහ සුභපැතුම් වෙනුවෙන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සිය ස්තූතිය පුදකලේය.

සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් උපාලි ගුණසේකර වෙත සමරු තිළිණයක් සහ ගුණසේකර මැතිණිය වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රධානය කරන ලදී.