Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2022 22:42:04 Hours

යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුලතිව් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුන්ට පාසල් උපකරණ

අධ්‍යාපන කටයුතු සඳහා පාසල් සිසු සිසුවියන් දිරිමත් කිරීමේ අරමුණින් මුලතිව් ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසු සිසුවියන් 47 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 මාර්තු මස 28 දින ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන සඳහා ජනප්‍රිය දේශකයෙකු සහ සමාජ ක්‍රියාකාරියෙකු වන ගරු චාල්ස් තෝමස් පියතුමා විසින් අනුග්‍රහකත්වය සපයනු ලැබීය.

එම කන්‍යාරාමයේ විදුහල්පතිනිය විසින් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජී.ඩී සූරියබණ්ඩාර වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ගරු චාල්ස් තෝමස් පියතුමන් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී රුපියල් 700,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 592 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ආරච්චිගේ, යුද්ධ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.