06th April 2022 22:52:22 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හී සම්බන්ධීකරණයෙන් අම්පාර එරගම නිව්ගුණ සද්ධාතිස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් සිසුන් 45 දෙනෙකු වෙත පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක් මාර්තු මස 25 දින පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා අක්කරේපත්තුව දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ඒ.එල්. තවුෆික් මහතා විසින් සිය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.
මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් සහභාගි විය.
තවද, මෙම අවස්ථාව සඳහා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්ලිව්.ජී.එන්.ඩී. ධම්මික වීරසිංහ, අක්කරේපත්තුව හිජ්රා විද්‍යාලයේ විදුහල්පති එම්.එච්. තාසීම් මහතා සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්ද එක්වූහ.