06th April 2022 07:48:30 Hours
කොළඹ රාජකීය විද්‍යාලයේ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පසුගිය බදාදා (30) දින වව්නියාව, කනගරායන්කුලම් මහා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා මෙම පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා, සමන්ති විජේවර්ධන මහත්මිය, චන්ද්‍රිකා ඉල්ලේරුමආරච්චි මහත්මිය සහභාගී වූහ.
තවද, එම අවස්ථාවට 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී.පී.පී. කුලතිලක, 563 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.ජී.එස්.එම්. පෙරේරා, 56 වන සේනාංකයේ සිවිල් කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් එම්.ආර්. ජයසිංහ, 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 14 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි සහ භටපිරිස් ද සිය සහයෝගය ලබාදුන්හ.