06th April 2022 07:00:30 Hours
අඩු ආදායම්ලාභි පවුලක කාන්තාවකට ස්වයං රැකියා අවස්ථාවක් උදාකරමින් එම පවුලේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණීන් පසුගියදා 65 වන සේනාංකයේ මුලිකත්වයෙන් මහන මැෂිමක් පරිත්‍යාග කරන ලදී.
වවුනිකුලම්, අම්බාල්පුරම් 6 කණුව ප්‍රදේශයේ පදිංචි විදුෂන් නිලලෝගිනී මහත්මිය වෙත ඉකුත් සිකුරාදා (01) දින මෙලෙස පරිත්‍යාග කල මහන මැෂිම සඳහා අනුග්‍රාහකත්වය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි විසින් කරන ලද ඉල්ලීමකට අනුව වටවල තේ පුද්ගලික සමාගම විසින් ලබාදී ඇත.
තවද, 652 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර ගේ සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.