30th March 2022 12:30:33 Hours
මින්නේරිය ප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර කිලෝග්‍රෑම් 23,780 ක ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (25) දින ලක්පොහොර සමාගම වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් හරිත කෘෂීකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් ලබාදුන් උපදෙස් මත යල කන්නයේ කෘෂීකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ අරමුණින් ඉඩපහසුකම් සහිත දිවයින පුරා ඇති යුද්ධ හමුදා කඳවුරු තුල කාබනික පොහොර නිෂ්පාදනය සිදුකරමින් පවති.
ඒ අනුව, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.සී.එච් හරිස්චන්ද්‍ර විසින් කාබනික පොහොර කිලෝග්‍රෑම් 23,780 ක ප්‍රමාණයක් ලක්පොහොර සමාගමේ නියෝජිතයන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.