29th March 2022 11:57:36 Hours
යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් පදවිය සී යාය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ පාසල් දරු දැරියන් 155 දෙනෙකු වෙත පාසල් උපකරණ පසුගියදා බෙදාදෙන ලදී.
දිවංගත ගුණදාස රාජපක්‍ෂ මහතා සිහිකරමින් එම පවුලේ සාමාජිකයින් විසින් මෙලෙස පාසල් උපකරණ බෙදාදීම සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 621 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාද (22) දින එම පාසල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට 621 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිග්‍රේඩියර් කීර්ති පැරකුම්, 621 වන බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි සහ 14 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වුහ.