Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2022 11:47:49 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සරය අති උත්කර්ෂවත් අයුරින් සමරයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සරය සනිටුහන් කරමින් සැමරුම් උත්සවයක් බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (22) දින රෙජිමේන්තු අධිපති මෙන්ම අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

ඒ අනුව සංවත්සර දින සැමරුම් උත්සවයට සමගාමීව මල්ලවපිටිය වැඩිහිටි නිවාසයේ සහ මලියදේව පිරිමි ළමා නිවාසයේ නේවාසිකයින් සඳහා වියළි සලාක බෙදාදීම, ජංගම ආයුර්වේද වෛද්‍ය කඳවුරක් පැවැත්වීම, මාර්තු මස 18 සහ 19 යන දෙදින තුල මහා සංඝරත්නය වැඩමවීමෙන් ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීම සහ මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී.

ඉන් අනතුරුව එම සැමරුම් උත්සව අවස්ථාව සඳහා පැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනැමු අතර, පසුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වීම සහ කඳවුරු පරිශ්‍රයේ ඉදිකර ඇති 1 වන විජයබාහු රජුගේ පිළිරුව නිරාවරණය කිරීම සිදුවිය. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපතිතුමන් විසින් සියලු භටපිරිස් ඇමතීම සහ එතුමන්ගේ සහභාගීත්වයෙන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.