Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2022 11:44:45 Hours

යුද්ධ හමුදා භට පිරිස් තවත් ගංජා හේනක් වටලයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ භටපිරිස් වෙත ලද බුද්ධි තොරතුරක් මත පසුගිය සිකුරාදා (25) දින නැව්ගල ප්‍රදේශයේ ප්‍රධාන රක්‍ෂිත වනයේ කල වැටලීමකදී අඩි 6 ත් 7ත් අතර උසැති ගංජා පැල 1000ක් පමණ විනාශ කර ඇත.

12 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ලංකා අමරපාලගේ උපදෙස් මත 121 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය සේරසිංහගේ අධීක්‍ෂණය යටතේ 18 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිගේ අණදීම යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකරන ලදී.