Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2022 18:07:41 Hours

‘ජාතික නවක ජූඩෝ ශූරතාවලිය - 2022’ යුද්ධ හමුදාවට තවත් ජයග්‍රහණයක්

ක්‍රීඩා සමාජ 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු ‘ජාතික නවක ජූඩෝ ශූරතාවලිය - 2022’ මාර්තු මස 18 දින සිට 20 දින දක්වා ත්‍රිකුණාමලය මැක්හේෂියර් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

තරඟාවලියේ සමස්ත ලකුණු 99 න් 73 ක් ලබාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි ජූඩෝ ක්‍රීඩකයින් රන් පදක්කම් 11 කින් පදක්කම් 8ක් ද රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් හිමිකර ගනිමින් තරඟාවලියේ සමස්ත ශූරතාවය හිමිකර ගත්හ.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ජූඩෝ කණ්ඩායම සහ ගම්පොළ උසස් බාලිකා විද්‍යාල කණ්ඩායම සම අනුශූරියන් ලෙස තරඟාවලියේ ශ්‍රේණිගත කිරිම් අනුව 3 වැනි ස්ථානයට පත් විය. එ් අනුව, සමස්ථයක් ලෙස යුද්ධ හමුදා පිරිමි ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 8ක්, රිදි පදක්කම් 8ක්, ලෝකඩ පදක්කම් 18ක් ද කාන්තා ජූඩෝ කණ්ඩායම රන් පදක්කම් 1ක්, රිදි පදක්කම් 1ක් සහ ලෝකඩ පදක්කම් 2ක් ද හිමිකර ගත්හ.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල, රාජ්‍ය නිලධාරින්, යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ උප සභාපති බ්‍රිගේඩියර් ටී.එම්.හෙට්ටිආරච්චි, යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් ඩබ්ලිවි.එම්.එස්.එන්.විජේකෝන් සහ යුද්ධ හමුදා ජූඩෝ කමිටුවේ නියෝජ්‍ය ලේකම් කපිතන් එම්.එච්.එම්.එච් හුසේන් ගේ සහභාගීත්වයෙන් ඉකුත් ඉරිදා (20) දින ත්‍රිකුණාමලයේදී පැවැත්වූහ.