26th March 2022 18:58:08 Hours
හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයක් අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංක මූලස්ථානය වෙතින් සංවිධානය කරනු ලැබූ හරිත කෘෂීකර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (23) දින 64 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ කෘෂීකර්ම උපදේශකවරුන් විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශයේ ගොවීන් 56 දෙනෙකු සහභාගී වූහ. වැඩසටහන අවසානයේ කාබනික පොහොර භාවිතයෙන් වගාකරන ලද 64 වන සේනාංකයේ ආදර්ශ ගොවිපල නැරඹීමේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවීමේ අවස්ථාව ද ඔවුන්ට උදා වූහ.
64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන්ගේ අධීක්‍ෂනය යටතේ පැවති මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වුහ.